මූලික භාවනාව

 

    මූලික භාවනාව



භාවනා වාරයක ප්‍රධාන කොටස් 3 


1) පූර්වකෘත්‍ය
2) භාවනාව
3) පුණ්‍යානුමෝදනාව 

            පූර්වකෘත්‍ය 


  • බුද්ධ වන්දනාව        
  • පංච ශීලය හෝ ආර්‍රය අශ්ඨමක ශීලය සමාදන් වීම    
  • බුද්ධ රත්නයට තමන්ගේ ජීවිතය පිදීම
  • ධර්ම රත්නයට තමන්ගේ ජීවිතය පිදීම
  • සංඝ රත්නයට තමන්ගේ ජීවිතය පිදීම
  • තමන්ගේ ගුරුවරයාට තමන්ගේ ජීවිතය පිදීම

            භාවනාව

  • භාවනා අදිශ්ඨානය (කර්මස්ථානය) හිතට දීම
  • භාවනාව වැඩීම

🌼බුද්ධානුස්සතී භාවනාව🌼

ගෞතම බුදු රජානන් වහන්සේව හිතේ මවා ගන්න.

 

මාගේ නාමයට ගෞතම බුදුරාජානන් වහන්සේගේ භගවා ගුණය සම්බන්ද වේවා.

මාගේ නාමයට ගෞතම බුදුරජානන් වහන්සේගේ අරහන් ගුණය සම්බන්ද වේවා.

මාගේ නාමයට ගෞතම බුදුරජානන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය සම්බන්ද වේවා.

මාගේ නාමයට ගෞතම බුදුරාජානන් වහන්සේගේ විජ්ජාචරණ ගුණය සම්බන්ද වේවා.

මාගේ නාමයට ගෞතම බුදුරජානන් වහන්සේගේ සුගත ගුණය සම්බ්න්ද වේවා.

මාගේ නාමයට ගෞතම බුදුරජානන් වහන්සේගේ ලෝක විදූ ගුණය සම්බන්ද වේවා.

මාගේ නාමයට ගෞතම බුදුරජානන් වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී ගුණය සම්බන්ද වේවා.

මාගේ නාමයට ගෞතම බුදුරජානන් වහන්සේගේ සත්තා දේවමනුස්සානන් ගුණය සම්බන්ද වේවා.

නැවතත් ගෞතම බුදුරජානන් වහන්සේට මම නමස්කාර කරමි.🙏🙏🙏

🌼මෛත්‍රී භාවනාව🌼

 

ගෞතම බුදුරජානන් වහන්සේගේ පාරමී දහරාව බුද්ධ ශක්තිය මාගේ නාමයට සම්බන්ද වේවා.

ගෞතම බුදුරජානන් වහන්සේගේ පාරමී දහරාව බුද්ධ ශක්තිය මගේ රූපයට සම්භන්ද වේවා..
මෛත්‍රී බෝදිසත්වයින් වහන්සේගේ පාරමී දහරාව කුසල් ශක්තිය මාගේ නාමයට සම්බන්ද වේවා.
මෛත්‍රී බෝදිසත්වයින් වහන්සේගේ පාරමී දහරාව කුසල් ශක්තිය මාගේ රූපයට සම්බන්ද වේවා.
සියලු බුදුරජානන් වහන්සේලාගේ පාරමී දහරාව බුද්ධ ශක්තිය කුසල් ශක්තිය මාගේ නාමයට හා රූපයට සම්බන්ද වේවා.
ඒ ආනුභාවයෙන් මාගේ නාමයේ කුසල් ශක්තිය ඉස්මතු වේවා. භවයෙන් භවය මා පුරන්නා වූ පාරමී දහරාව ඉස්මතු වේවා.
මාගේ නාමයේ අකුසල් දුරු වේවා.
කුසල් ඉස්මතු වේවා.
මගේ නාමයේ ඇති ලෝභය නැති වේවා අලෝභය ඉස්මතු වේවා.
මගේ නාමයේ ද්වේශය නැති වේවා මෛත්‍රිය ඉස්මතු වේවා.
මාගේ නාමයේ මෝහය නැති වේවා අමෝහය ඉස්මතු වේවා.
මගේ නාමය නිර්වාන මාර්ගයට යොමු වේවා නිර්වාන මාර්ගයේම ගමන් කරත්වා.

සිත උපේක්ශාවට පත් වේවා.🙏🙏🙏

🌼අනිත්‍ය භාවනාව🌼

 

මම සත්වයෙක්මි. නාමයකින් හා රූපයකින් සෑදුන සත්වයෙක්මි.නාමය යනු සිතයි.රූපය යනු මාගේ මෙම ශරීරයයි.නාමය ඉවත් වූ පසු නැතිනම් මැරුනු පසු මාගේ මෙම ශරීරය නිසල දේහයකි. බිම වැතිරෙන්නේය මහ පොලවට පතිත වන්නේය.(තමන් මැරුනා කියලා හිතන්න) මැරුනු පසු නාමය ඉවත් වේ රූපය මහ පොලව මත පතිත වේ.කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන නිසල දේහයකි.ශරීරය සීතලය.දුර්වර්ණ වී ඇත. අත පය දරදඩු වෙලා නහයින් කටින් සෙම් සොටු ගලනවා.කුනු ලේ ගලනවා.අසූචි මල මුත්‍රා පිට වෙනවා.කෝදුරුවො මැස්සො වහනවා.ශරීරය ඉදිමිලා විකෘති වෙලා.කෙස් රෝම කූප ගැලවිලා.

ඉදිමිනු ශරීරයේ සම පුපුරා යන්නේය.ඇස් පුපුරා ගොසිනි.තොල් ,කම්මුල්, බඩ පුපුරා යන්නේය.පෙනහලු වකුගඩු හා සියලු ඉන්ද්‍රියන් කුනු වී දිය වී ඕජස ගලන්නේය.විශාල පනුවන් සම සිදුරු කරමින් පිටතට පැමිනෙන්නේය.බලු බලල් කපුටු ආදී සතුන්ට මේ කුනු වූ ශරීරය රස ආහාරයකි.කුනු වූ මාංශ පේශී කඩාගෙන පොරකමින් ආහාරයට ගනී.දැන් ඉතිරි වී ඇත්තේ ඇට සැකිල්ල පමනි.දැන් මාගේ ශරීරය ඇට කටු ගොඩකි.දවසින් දවස මේ ඇට සැකිල්ල දිරාපත් වෙනවා.තැන තැන ඇට කැබලි විසිරෙනවා.මේවාද කුඩා කුහුබුවන් වැනි සතුන් ආහාරයට ගන්නවා.ඉන් පසු ඒවාද කුඩු බවට පත් වී මහ පොලවට පස් වෙනවා.දැන් මට පේන්නේ මහ පොලව විතරයි. මම අනිත්‍යයි.මාගේ රූපය අනිත්‍යයි. 

  • භාවනාව අධිශ්ඨාන කොට නිමා කිරීම

        පුණ්‍යානුමෝදනාව



  • මලගිය ඇත්තන්ට පින් දීම
  • දෙවියන්ට පින් අනුමෝදම් කිරීම
  • කල්‍යාන මිත්‍රයන්ට පින් අනුමෝදම් කිරීම
  • නිර්වානය දක්වා කල්‍යාන මිත්‍ර සේවනය ලැබේවා කියලා ප්‍රර්ථනා කිරීම , අධිශ්ඨාන කිරීම
  • තමන්ගේ අධිශ්ඨාන බොධිය කරා පහසුවෙන් නිවැරදිව යෑමට මෙම පාරමී ශක්තිය උපකාර වේවා කියා ප්‍රර්ථනා කිරීම
  • බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිද රත්නය මතක් කොට මගේ සිත, කය, වචනය යන තුන් දොරෙන් නොදැනුවත්ව හෝ වරදක් වූයේ නම් මට සමාදීවදාරන සේක්වා කියා සමාව භජනය කිරීම.

Comments